Video : යේමනයේ ගුවන් තොටුපොළට ප්‍රහාරයක් , පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට

0
73
yeman-blast

දකුණු යේමනයේ ඇඩෙන් නගරයේ ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුවී තිබේ.

මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව ද යේමන බලධාරීන් පැවසීය.

කෙසේ වෙතත්, යේමන අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මලික් සයීඩ් ප්‍රකාශ කළේ, මෙය බියගුලු සහ දේශද්‍රෝහී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here