Video : මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක සජිත්

0
51

මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් තුල සිදුවන මේ බරපතල ප්‍රහාරය හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (18) කීවේය.

“මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා.ආණ්ඩුවේ අසමත්කම හැම තත්පරයක් ගානෙම ඔප්පු කරමින් ඉන්නවා.ඒ අතර තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්ධනයක් දියත් වෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා.කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නෑ. ඊට එරෙහිව අපි සටන් කරනවා. ආණ්ඩුවට අපි කියනවා. කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න.මේ සිදුවෙන්නේ මොනවාද?

කොයිම ආකාරයක හෝ මාධ්‍යට එරෙහිව දියත් වෙන මර්ධනයට සහ බලපෑමට අපි විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරනවා.පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ මර්ධනය උග්‍ර වෙලා තිබෙනවා.

සම්පුර්ණ වීඩියෝව  පහත දැක්වේ

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here