Video : ඇමතිට එරෙහිව වනජීවී නිලධාරීන් වර්ජනයේ

0
118

වනජීවී නිලධාරීන් සංකේත වැඩ වර්ජනය හේතුවෙන් සේවා රැසක් මේ වනවිට අඩාල වී තිබෙනවා. ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප‍්‍රභාෂ් කරුණාතිලක වනඅලි තර්ජිත ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියේ අද දිනයේ සිය නිවෙස් තුළම රැදී සිටින ලෙසයිි.

සිය වෘත්තීය අරගලය ලබන සතියේ සිට දැඩි කරන බවයි ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප‍්‍රභාෂ් කරුණාතිලක කියාසිටියේ.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සිය නිලධාරීන්ට තර්ජනය කළ බව පවසමින් වනජීවි නිලධාරීන් මෙලෙස සංකේත වර්ජනයක නිරතව සිටිනවා. පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් ඉදි කිරීමට සහ ගෘහාශ‍්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර තිබුණා.

වනජීවී නිළධාරින් කියා සිටියේ අධි සංවේදී පරිසර කලාප වල කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් සිදුකිරීමට නීති විරෝධී බවත් එවන් කටයුතු සදහා කිසිදු අවසරයක් නැති බවත්ය.

එහිදී කෝප වූ ඇමතිවරයා වනජීවී නිලධාරීන්ට බැණ වැදුනු අතර විරෝධය පාමින් වනජීවී නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් විය. වීඩියෝ දර්ශණ පහතින් දැක්වේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here