Video: අපි කන සැමන්වල ආසනික් – අනුර කුමාර දිසානායක හෙළිකරයි

0
119

සතොසෙන් ගෙන්වන ලද සැමන් වල ආසනික් නම්වූ විෂ රසායනය අඩන්ගුවී ඇති බවත් ඒ සම්බන්දව විමර්ශනය කරනු ලබන ආයතනවල අමාත්‍යංශ මාරු කරමින් විමර්ශන වලට බාදා කිරීමට ආණ්ඩුවේ ඉහල පුටු කටයුතු කරන බවටත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.  සම්පුර්ණ  හෙළිදරව්ව ඇතුලත් වීඩියෝව පහලින්

සීනි බද්ද ශත 25 කළේ සතොස සභාපතිගේ මිත‍්‍රයා සතුටු කරන්න…

සීනි කිලෝ එකකට අයකළ ආනයනික බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා හිටි හැටියේ අඩු කළේ සතොස සභාපතිගේ මිත‍්‍රයාව සතුටු කරන්න බවත් ආණ්ඩුව තමන්ට උදව් කළ කුප‍්‍රකට ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බවත් ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී (04 වැනිදා) තව දුරටත් අදහස් දක්වනු ලැබුවා.
 

 සීනි කිලෝ එකක් වෙනුවෙන් එතෙක් තිබූ බද්ද වන රුපියල් 50 බද්ද රුපියල් 49.75 කින් අඩු කළා. එහි ගැසට් එක මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය ඔඛ්තෝබර් 23 වැනිදා නිකුත් කළා. ඊට පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගැසට් එකක් නිකුත් කළා. එදින සිට ටින් මාළු රුපියල් 200කට ද ලොකු ලූනු රුපියල් 100 කට ද, සීනි රුපියල් 85 කට ද මිලදී ගත හැකි බවට. හැබැයි ඒ බදු ගේන කොට ගබඩාවල කාගේ සීනි ද තිබුණේ? සීනි මෙටි‍්‍රක් ටොන් 9000 ක් තිබුණා එදාම ඒ ටික එළියට දැම්මා. ඒ සීනි රුපියල් 92 ගානේ සතොස මගින් මිලදී ගත්තා. ඔහුගේ මිත‍්‍රයාගේ සීනි. තවත් සීනි මෙටි‍්‍රක් ටොන් 26000 ක් ගෙනාවා. මේ 26000 ටත් බද්ද ගැහැව්වේ ශත 25 බැගින්. දැන් පාරිභෝගිකයාට කොහෙන් හරි 85 ට සීනි තිබෙනවද? බද්ද අඩුවීමේ වාසිය ජනතාවට ගියාද? ආණ්ඩුවට ඒ බද්ද ලැබුණද? ආණ්ඩුවට ලැබෙන්න ඕන ඒ බද්ද ගියේ කාටද? සතොස සභාපතිවරයාගේ හොඳම මිත‍්‍රයාට තමයි ඒ වාසිය ගියේ.
 
 රුපියල් 50 ක් සීනි කිලෝවට තිබුණු බද්ද ශත 25ට ගෙනාවේ ඇයි? ආණ්ඩුවේ භාණ්ඩාගාරයට පැමිණි ආදායම කාටද ගියේ? සතොසෙත් සීනි 85 ට නැහැ. වෙළෙඳ ඇමැති බන්දුලත් අසරණයි. පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා ඉන්නේ. ඒ අයට තමයි ආණ්ඩුව දැන් සලකන්නේ.
 
 රටේ එකතු වන ආහාර අතිරික්තය එකතු කරන්න වැඩපිළිවෙළක් අපේ රටට තිබෙනවද? තක්කාලි, ලොකු ලූනු අස්වැන්න සති දෙකෙන් කාලා ඉවර කළ යුතුයි. ඉල්ලූම සැපයුම කළමනාකරණය කරගන්න බැහැ. සහල්, ලොකු ලූනු, තක්කාලි මේ කිසි එකක මිල පාලනය කර ගන්න වෙළෙඳ අමාත්‍යාංශයට නොහැකි වෙලා තිබෙනවා. රුපියල් 20 ලීක්ස් නාරාහේන්පිටට එන විට 140 වෙනවා. ඇයි එහෙම වෙන්නේ. ජනතාවට ගුණාත්මකව භාණ්ඩ හා සේවා ලබා දීමේදී අපේ වෙළෙඳ ප‍්‍රතිපත්තිය මුළුමනින්ම අසාර්ථකයි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here