UNP ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ට , මහලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වේ

0
120
Ranil-wickramasinghe

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයට අද පැමිණි පක්ෂ නියෝජිතයින් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.

අර්ජුන රණතුංග මහතා පැවසුවේ, මේ මොහො‌තේ පක්ෂයට වඩා දැක්මක් සහිත පුද්ගලයෙකු පර්ලිමේන්තුවේ සිටීම වැදගත් බැවින් සියලු දෙනා එක්ව ඔහුගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදු කළ බවයි.

ඒ පිළිබඳ අවසන් තීරණය අද දිනයේදී ගන්නා බවයි නියෝජ්‍ය නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  අකිල විරාජ් කාරියවසම් මහතා අද (23දා) සිරිකොතහි පැවති පක්ෂ කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීමේදී  එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත්කරන පුද්ගලයා සහ පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු ගැන සාකච්ඡා කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව තිබේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here