IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයන්න මහජන සහය පතයි

0
198
idh

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොළඹ IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.

ඊයේ රාත්‍රීයේදී එම කාන්තාව සිය වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති දරුවා ද සමග රෝහලෙන් පළාගොස් තිබුණා.

පසුව ඇය විසින් දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට භාර දී එතැනින් ද පළාගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් අද (20) උදෑසන පොලීසිය විසින් දරුවා සොයාගෙන නැවත රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.

නිවැසියන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති අතර මව සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here