EPF -Job කාණ්ඩය යටතේ රැකියා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් දිවයින පුරාම නිහඬ විරෝධතාවයක

0
229
20200916_102840

කැබිනට් අනුමැතිය  ලැබූ රැකියා 10000 සඳහා රාජ්‍ය සේවා  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිවේදනය අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලද අසාධාරණයට ලක්වූ EPF -Job  සහ Job  ලයිස්තුවේ සිටින,  සැප්තැම්බර් 15 වන දින වන විට අභියාචනා යොමුකළ සියලුම උපාධිධාරීන් හට අහිමි කල එම පත්වීම් කප්පාදුවකින් තොරව නැවත ලබා දී පුහුණුවට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අද දිනයේ (16) දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන ලදී. 

විරෝධතා  අතරතුරදී  උපාධිධාරී නියෝජිතයන්  දිස්ත්‍රික් ලේකම්වරුන් මුණගැසී ඔවුන් මුහුණ පා ඇති ගැටලුව සම්බන්ධව ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මතු කරන ප්‍රධාන ගැටලු කීපයක් පහත පරිදි වේ

  •  2020 මාර්තු මස පත්වීම් ලද උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් හට මාස හයකට පසු රැකියාව අහිමි කර ඇත.
  •  පළමු අවස්ථාවෙන් පසු නැවත අයදුම්පත් නොකැඳවා තිබියදී,  පසුගිය වර   EPF -Job  සහ Job  පත්වීම්ලාභීන්  සමඟ  පත් වීම් හතළිස් 45625ක්  තිබූ අතර  EPF -Job  සහ Job  පත්වීම්ලාභීන්   ඉවත් වූ පසුත් 51135 ක් සුදුසුකම් ලැබූ ලැයිස්තුවල  ඇත.
  • අප දැනුවත් වූ පරිදි 2019 2020 වර්ෂ දෙකේදී පුද්ගලික අංශයේ සේවයේ නියුතු සහ සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදුන් අයටද නව රැකියා ලබා දී ඇත. ඒ පිළිබඳව තොරතුරු අප සතුව පැවතුණි උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් හටද රජයේ රැකියාවක් ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳව අප විශ්වාස කරන නිසා එම තොරතුරු හෙළිදරව් නො කිරීමට අප තීරණය කර ඇත්තෙමු.
  • පසුගිය වර තෝරාගත්  පත්වීම්  ලාභීන්ට ලිපිය ලැබී දින හතක් ඇතුළත සේවයට වාර්තා කිරීමට දන්වා තිබූ  නිසාත්  එසේ නොමැති වුවහොත් පත්වී අහිමිවිය හැකි යැයි ඇති වූ බිය නිසා වෙනත් සුළු රැකියාවල නිරතව සිටී බොහෝ දෙනා හදිසියේම එම රැකියාවලින් ඉවත්ව  සේවයට වාර්තා කරන ලදී.
  • මෙම පත්තින් අහිමි උපාධිධාරීන් අතරින් පිරිසක් විවාහක  අය වන අතර ඔවුන්ගේ පවුල්වල බොහෝ ආර්ථික ගැටලු වී ඇත 
  •  අසාධාරණයට ලක්වූ EPF -Job  සහ Job උපාධිධාරීන් අභියාචනා යොමුකළ ඇති නමුත් බඳවා ගැනීමේ නිශ්චිත දිනයක් රජය මගින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එම නිසා ඔවුන්ට වෙනත් රැකියාවකට අයදුම් කිරීමට ද නොහැකි ව ඇත.
  •  පත්වීම් අහිමි උපාධිධාරීන් හට  යළිත් වරක් සාධාරණයක් සිදුවුණොත් රටේ පවත්නා covid 19  උවදුර මත පුද්ගලික අංශයේ රැකියාවක් නැවත ලබාගැනීම ද දුෂ්කර වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here