E PF නිසා රැකියා ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ගේ අබියචනා කැදවා දින 65කට වැඩියි. උපාධිධාරීන් කනස්සල්ලෙන්

0
276
Graduate3

E PF හා JOB  හේතු නිසා නම් රැකියා ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට නැවත අබියචනා ඉදිරිපත් කරන ලෙසට රජය දන්වා තිබු අතර එලෙස නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් 10,000ක් බදවා ගැනීමට කැබිනට් අනුමැතියද හිම්වී තිබිණි. 

 අබියාචනා ඉදිරිපත් කරන ලද උපාධිධාරීන්  ප්‍රකාශ කර සිටින්නේ තමන් නිරන්තරයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කතාකරමින් තොරතුරු විමසු බවත් දැනට E PF හා JOB  පදනම යටතේ ලැබීඇති සියලුම අබියචනා විමර්ශනය කර අවසන් ලැයිස්තු සකසා ඇතිබවත් අදාල නිලදාරීන් දැනුම්දී ඇතිබවයි . නමුත් මේ දක්වා අදාල ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කර නොමැතිබැවින් බලවත් සැකයක් හා පීඩනයක් තම සිත්වල පවතින බව  අබියාචනා ඉදිරිපත් කරන ලද උපාධිධාරීන්  ප්‍රකාශ කරයි. 

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පසුගියදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේඛම් සමග පවතී සාකච්චාවේදී අසාදාරණයට පත් EPF හා JOB  හේතු නිසා නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් නොවෙම්බර් මස 22ට පෙර සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සලසන බවට එකග වී තිබුණි. 

නමුත් අභියාචනා වලින් තෝරාගත් උපධිදරින්ගේ නම් ලයිස්තුවවත් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යංශය තවමත් අපොහොසත් වීම නිසා අන්තර්ජාලයෙන් පෙත්සමක් අත්සන්කිරිමටද එමසංගමය කටයුතු කරන ලදී පහත link එක මගින් එම පෙත්සමට පිවිසිය හැක 

Petition of Protest / විරෝධතා පෙත්සම / எதிர்ப்பு மனு 

එමෙන්ම විපක්‍ෂ නායක ගරු සජිත් ප්‍රේමධාස  මැතිතුමාද පසුගිය දා මෙම ගැටළුව සම්බන්දව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ සහමුලින්ම පුස්සක් බවයි”.  ගරු සජිත් ප්‍රේමධාස  මැතිතුමා විසින් සුදුකරන ලද සම්පුර්ණ අදහස් දැක්වීම බැලීම සදහා මෙම  link එක භාවිතා කරන්න . 

ජනතා විමුක්ති  පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මැතිතුමාද මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරන ලදී. අදාල වීඩියෝව පහත දැක්වේ. 

2019 වර්ෂයේ බදවා ගත් අභ්‍යාසලාබී උපාධිධාරීන් 14283ක් වසරක් පුහුණුව අවසන්කර තිබියදී තවමත් ස්ථිර කර නොමැති බවත් නොයෙකුත් හේතූන් මත පත්වීම් අහිමි වූ 10000 ආසන්න උපාධිධාරී  පිරිසකට ලබා දෙන බව පැවසූ පත්වීම් මේ වන තෙක් ලැබී නොමැති බවත් ජනපති ජාතිය අමතා උපාධිධාරීන් 60000 රැකියා ලබා දුන් බව පැවසීම ලැජ්ජා නැති ප්‍රකාශයක් බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතාද පසුගිය දා ප්‍රකාශ කළා. 

කෙසේවෙතත්  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල නාම ලේඛන කඩිනමින් නිමකර සුදුසුකම් සපුරා ඇති උපාධිධාරින්ට රැකියා ප්‍රධානය කිරීමට කටයුතු කරන බවයි. අදාල වීඩියෝව පහත දැක්වේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here