COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය

0
94
Covid-19-vaccine

කොරෝනා මර්දනය සදහා ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට භාවිත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද හිමිවු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කොරෝනා එන්නත සදහා මෙරට භාවිත කිරීමට අවසර හිමිවු පළමු එන්නත මෙයයි. තව නොබෝ දිනකින් එම එන්නත මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කොළඹ ජාතික රෝහල සදහා වෛද්‍ය උපකරණ ප්‍රදානය කළ අවස්ථාවට අද එක්වෙමිනි.

ජාතික රෝහලේ හදිසි අනතුරු සහ විකලාංග අංශය සදහා රුපියල් මිලියන 12 ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ මෙහිදී පිරිනැමුණි.

මේ අතර, COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක හෙට(23) පෙරහුරුවක් සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here