COVID 19 ආසාදිත කාන්තාවක් වාර්තාවීමක් සමග රජය ප්‍රකාශයට පත්කෙරු හදිසි නිවේදන

0
423
covid-19-Sri-Lanka

දිවුලපිටියෙන් කොරොනා ආසාදිත කාන්තාවක් වාර්තාවීමක් සමග රජය විසින් ප්‍රකාශයට පත්කෙරු හදිසි නිවේදන මෙසේය 

වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මිට අමතරව දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශ වලට ද පොලිස් ඇඳිරි නිතිය අද උදෑසන සිට පනවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දී සිටින්නේ කොවිඩ් 19 අවධානමට ලක්වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු යළි සේවයට වාර්තා නොකරන ලෙසයි. 

කොළඹ ප්‍රදේශයේ සියලුම උපකාරක පංති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිවේදනය කර සිටිනවා.

මේ අතර රජයේ පාසල් වලට සමගාමිව දිවයිනේ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසැල් ද හෙට සිට යළි දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් දැනුම් දී සිටිනවා.

හෙට (05) සඳුඳා දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි දන්වා සිටිනවා.

මීලඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුධ, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරි කරන සියලුම නිලධාරින් නැවත දන්වනතුරු රාජකාරි ස්ථාන වලට රපොර්තු නොකරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඉහත ප්‍රදේශ දෙක හැර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින අනෙකුත් අයවලුන් හෙට දින (05) දිනයේදී පමණක් රාජකාරි සඳහා රාපොර්තු නොකරන ලෙස දැනුම් දී තිබේ.

මිට අමතරව කඳවුරු තුළ එම ප්‍රදේශවල සිටින අයවලුන් කඳවුරු තුලම රඳවා ගන්නා ලෙසයි යුධ හමුදාපතිවරයා දැනුම් දී ඇත්තේ.

මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here