43 වන සේනාංකය පිටියට

0
84
43-senankaya

පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද (17) සිදු කෙරිණ.
 
මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කර ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සාමාජික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සමාජ ප‍්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් යන තේමාවෙන් එය ක‍්‍රියාවට නංවනු ලැබීය.
 
සමෘද්ධිමත් සහ යුක්ති සහගත ඉන්න හිතෙන රටක් වෙනුවෙන් 43 සේනාංකයේ මංගල ප‍්‍රකාශනය පරිශීලනය සඳහා මෙන්ම සහ සම්බන්ධවීම වෙනුවෙන්  www.43.lk වෙබ් අඩවිය ද එහිදී ප‍්‍රකාශයට පත් කෙරිණ.
 
43 වන සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ යන මහත්වරුන් ඇතුලූ සමායෝජකයන් 14 දෙනෙකු නම් කරනු ලැබීය.
 
43 සේනාංකය යනු අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.
 
‘‘කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනයාමට නොහැකියි. එම යුග පෙරළියට ගාමක බලවේගයක් අවශ්‍යයි. අන්න ඒ ගාමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතා පූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ තවත් භේදවලින් තොරව ආරාධනා කළ යුතුයි.
 
අන්න ඒ සඳහා මූලාරම්භයක් තමයි අපි මේ 43 වන සේනාංකයෙන් ඉන්න හිතෙන රටකට පාර කපන්නට බලාපොරොත්තු වන්නේ’’ යැයිද ඔහු එහිදි පැවසීය.
 
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතාද මෙහිදී අදහස් දැක්වීය.
 
මෙම අවස්තාව සදහා විද්වතුන්, වෘත්තිකයන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here