20 නිසා ඒකාධිපතියකු සහ දුර්වල කැබිනට්ටුවක් භිහිවෙනවා – හිමිවරු ජනපතිට ලියයි | 20A creates arbitrary executive, weak cabinet ; Theros writie President

0
68
thero

Sri Lanka News Today : 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

උන්වහන්සේ එම ලිපිය මගින් අවධාරණය කරන්නේ, 20 වැනි සංශෝධනය මගින් අත්තනෝමතික ලෙස විධායකය මෙහෙය විය හැකි වූත් , ව්‍යවස්ථා දායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් වූ බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බිහිකරන බවයි.

එමගින් අග්‍රාමාත්‍යවරයාගේ බලය හා ස්ථාවරත්වය හීන කරවන, අමාත්‍යවරුන් හා අමාත්‍ය බලතල තම අබිමතය අනුව ඕනෑම වේලාවක වෙනස් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන බව ද එහි සඳහන් ය.

තව ද එහි සඳහන් වන්නේ, 30කට සීමා කර තිබූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණ එහි තිබිය හැකි බවයි.

ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබෙන බව ජනාධිපතිවරයා වෙත යොමු කළ අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.

මේ වනවිටත් රට තුළ ආන්දෝලනයට ලක්ව තිබෙන 20 වන සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකරයෙන් සම්මත කරගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව උන්වහන්සේලා අදාළ ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එසේ තිබියදීත් එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම්, අවම වශයෙන් ඉල්ලා සිටින සංශෝධන සිදු කරන මෙන් එම ලිපියෙන් ඉල්ලා ඇත.

ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපියේ පිටපත් තෛනිකායික මහ නහිමිවරුන්ට, සෙසු ආගමික නායකයින්ට, අග්‍රාමාත්‍යවරයාට, කතානායකවරයාට සහ මන්ත්‍රීවරුන්ට ද යොමු කර ඇත.

Advertisement

Three leading monks in Sri Lanka have warned the 20th Amendment to the Constitution leads to the creation of a President who would be able to control the Executive in an arbitrary manner and bring the Judiciary and Legislature under his control.

The letter comes days after the Amarapura-Ramanna Samagri Maha Sangha Sabha opposed the 20th amendment, citing it will pave the way for an “undeveloped tribal society”.

“…the Sangha Sabha decided to make a strong emphasis to the government that they should not pass the proposed 20th amendment,” the council said in a statement on Monday adding the 20th amendment will severely affect freedom of thought and action.

Venerable Bengamuwe Nalaka Thero, Venerable Muruttettuwe Ananda Thero & Venerable Elle Gunawansa Thero in a letter to the President noted the 20th Amendment to the Constitution would lead to the formation of a weak cabinet.

The 20th Amendment to the Constitution will also weaken the power and stability of Prime Minister Mahinda Rajapaksa, who has won the hearts of people, warned the Venerable Thero’s adding it would also allow the President to change Ministers and their powers as and when he pleases.

The letter noted there could be an ulterior motive with regard to lifting the restriction on the number of Cabinet Minister which is limited to 30 members.

The Venerable Thero’s said multiple responsibilities vested the with the President have been removed in the 20th Amendment to the Constitution and highlighted the fact the people have been deprived of the right to challenge in court any unconstitutional act committed by the person who holds the post of President.

The Venerable Thero’s warned the 20th Amendment to the Constitution could pave the way for the creation of an unstable governance mechanism that would have no rule of law.

Venerable Bengamuwe Nalaka Thero, Venerable Muruttettuwe Ananda Thero & Venerable Elle Gunawansa Thero in the letter said the 20th Amendment to the Constitution should be revisited before passing it in Parliament.

They added if the 20th Amendment is to be passed the amendments proposed by them should be taken into consideration.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here