ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දිගුකාලීන ණය වර්ගීකරණයෙන් “බී” සෘණ තත්ත්වයේ සිට “සීසීසී” තත්ත්වය දක්වා තවදුරටත් පහත හෙළා තිබේ. එම වාර්තාව සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් සිදුකිරීම මෙම ලිපියේ අරමුණවේ
දැනට පිළිගත් ආයතන තුනක් මගින් ලෝකයේ රටවල් සම්බන්දව නය ශ්‍රේණි ගත කිරීම් සිදුකරනු ලබයි. එම ආයතන මෙසේය.
- Standard & Poor’s
- Fitch Group
- Moody’s Investors Service
ශ්‍රී ලංකාව ණය ගැනීමේ දී ශ්‍රේණිගත කරන්නේ Fitch සහ Standard and Poor’s ආයතනයන්ය . නමුත් Moody’s ආයතනයේ වාර්තාවන් අපට කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉකුත් සැප්තැම්බර් 28 වෙනි දින ශ්‍රී ලංකාව B2 (සමපේක්ෂණාත්මක ශ්‍රේණිය) සිට Caa1 (සමපේක්ෂණාත්මක ශ්‍රේණිය) තත්ත්වයට පහත හෙළිමට Moody’s ආයතනය විසින් කටයුතු කෙරිණ. එය ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන වේදිකාවන් උණුසුම් කිරීමට බලපාන ලද මාතෘකාවක් විය. Moody’s ආයතනයේ වාර්තාව සම්බන්දව මා විසින් පළකරන ලද සම්පුර්ණ විස්තරයක් 2020 ඔක්තෝම්බර් මස 17 වන දින www.srilankanewstoday.com හි ඵලවිය. පහත link එක තුලින් එම වාර්තාවට පිවිසීමට හැකියාව ඇත.
2020 ඔක්තෝම්බර් මස 17 වන දින පහලවූ පුවත
කෙසේවෙතත් Moody’s ආයතනයේ වාර්තාව සම්බන්දව ඇතැම් පාර්ශවයන් ප්‍රකාශ කර සිටියේ Moody’s ආයතනය මෙරට ණය ශ්‍රේණි ගත කිරීමේදී සම්බන්ද කර නොගත් ආයතනයක් බැවින් ඔවුන්ගේ වාර්තා සම්බන්ධයෙන් කලබල වීම අනවශ්‍ය බවයි.
නමුත් පසුගිය නොවෙම්බෙර් 27 වන දින මෙරට නය ශ්‍රේණි ගත කිර්ම් සදහා සෘජුවම මැදිහත් වන Fitch ආයතනය නිකුත්කල වාර්තාවකින් ශ්‍රී ලංකාව දිගුකාලීන ණය වර්ගීකරණයෙන් “බී” සෘණ තත්ත්වයේ සිට “සීසීසී” තත්ත්වය දක්වා තවදුරටත් පහත හෙළා තිබේ.
Moody’s ආයතනයේ වාර්තාව සම්බන්දව කලබලවීම අනවශ්‍යයයි ප්‍රකාශ කල පිරිස් Fitch ආයතනය නිකුත්කල වාර්තාව සම්බන්දයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලාසිටිම වැදගත්ය.
ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දිගුකාලීන ණය වර්ගීකරණයෙන් “බී” සෘණ තත්ත්වයේ සිට “සීසීසී” තත්ත්වය දක්වා තවදුරටත් පහත හෙළා තිබේ.
ෆිච් ආයතනය පවසන්නේ, මෙය ශ්‍රී ලංකාවේ ණය අවදානම සම්බන්ධ බරපතල තත්ත්වයක් බවයි.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව “සීසීසී” තත්ත්වය දක්වා මෙලෙස පහත හෙළීමෙන්, ශ්‍රී ලංකාව මධ්‍ය කාලීනව ණය ආපසු ගෙවීමේ අභියෝගාත්මක තත්ත්වයක සිටින බව පෙන්නුම් කෙරේ.
විශේෂයෙන්, මේ තත්ත්වය තුළ පවතින සීමා හේතුවෙන් ස්වෛරීත්ව ණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ඉහළ යාම නිසා තිරසාර ණය කළමනාකරණයේ අවදානම ඉහළ ගොස් ඇති බව ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් ය.
එහි දැක්වෙන්නේ 2021 අයවැයට මූල්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාමේ උපාය මාර්ගයක් නොමැති අතරම සැලසුම් කර ඇති රජයේ ණය අඩු කිරීම සහ අයවැය හිඟය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතුවී ඇති බවයි.
2020 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 6.7% ක අවපාතයක් වන අතර 2021 දී 4.9% වර්ධනයක් පෙන්වනු ඇති බව ද මෙහි සඳහන් වේ.
Fitch ආයතනය නිකුත්කල වාර්තාව කියවීම සදහා පහත link එක භාවිතා කරන්න .
https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-to-ccc-27-11-2020
ජානක එදිරිමාන්න



ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
