හීනෙන්වත් MCC ගිවිසුමට අත්සන් කරන්නේ නෑ – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

0
76
Aruna News1

Sri Lanka News Today : MCC ගිවිසුම තම රජය යටතේ කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, සතිඅන්ත පුවත්පකට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සතිඅන්ත, අරුණ පුවත්පතට මෙම ප්‍රකාශය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ඇතැම් පිරිස් ගැලරිය පිනවීම සඳහා බොරු අමෙරිකානු විරෝධයක් පෙන්වන බවයි.

සතිඅන්ත අරුණ පුවත්පතට අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කියා සිටියේය.

අරුණ : එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘අරුණ’’ට විශේෂ ප්‍රකාශයක් කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනා සම්බන්ධයෙන් ‘අරුණ’ ප්‍රශ්න කළ අවස්ථාවේය.

Green Card 1

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද එතුමා පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’

යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සති අග අරුණ’ට පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද ඔහු පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘සති අග අරුණ’ට පැවසීය.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Advertisement
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here