‘සුවෙන් සිටිමු’ (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය – කොරෝනා ආසාදිතයන් ගමන් කළ ස්ථාන හඳුනා ගැනීම සඳහා අද දින සිට

0
62
qR-CODE

කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයන් ගමන් කළ ස්ථාන කඩිනමින් සහ නිවැරදිව හඳුනා ගැනීම සඳහා අද (09 දා) දින සිට ‘සුවෙන් සිටිමු’ (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ඇත.

මහජනයා ගැවසෙන ස්ථානයකට පුද්ගලයකු ඇතුළත් වීමේදී දැනට අනුගමනය කරන ක‍්‍රමවේදය වනුයේ ඔහුගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය එහි තබා ඇති පොතක සටහන් කිරීමය. ඒ වෙනුවට, යම් පරිශ‍්‍රයකට පුද්ගලයකු ඇතුළු වූ විට ඒ බව සන්නිවේදන තාක්ෂණය හරහා රජයේ දත්ත පද්ධතියක තොරතුරු සටහන් කිරීම නව ක‍්‍රමවේදය අනුව සිදුවෙයි.

ස්මාට් ජංගම දුරකථනයක් ඇති අයට මෙන්ම ස්මාට් නොවන පැරණි දුරකථන භාවිත කරන අයටත්, දුරකථනයක් නොමැතිව පැමිණෙන අයටත් තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර ප‍්‍රකාශ කර සිටියි.

‘‘ස්මාට් ෆෝන් වලට QR කෝඞ් ස්කෑන් කිරීම හරහා වගේම ස්මාට් නොවන දුරකථන වලට SMS හරහා ට‍්‍රැකින් සිස්ටම් එකක් තමයි අපි හඳුන්වා දෙන්නේ. තමන් යම් ස්ථානයකට ඇතුල් වීමේදී එම ස්ථානය හඳුන්වන ‘කෝඞ් අංකය’ ජංගම දුරකථනයට ඇතුළත් කළ විට ඒ සියල්ල දින 60ක් ගබඩා වී තිබෙනවා. ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් ආගිය තැන දැනගන්න ආරක්ෂක අංශවලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට මේක ඉතා පහසු වෙනවා’’ යැයි හිරන්‍ය සමරසේකර මහතා ප‍්‍රකාශ කරයි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here