සුදුසුකම් සපුරා, තෝරාගැනීමේ ලැයිස්තු වල නම් පවතින උපාධිධාරීන් සියල්ල සදහා පත්වීම් ලබාදීමට මේ දක්වා රජය කටයුතු කර නොමැත. ඒ අනුව සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් දහස් ගණනක් තවමත් නිවසටවී රැකියා අපේක්ෂාවෙන් සිටි.
EPF අරමුදල සදහා දායකත්වයක් තිබු උපදිධාරින්ගේ රැකියා අයදුම් පත් ප්‍රතික්ෂේප කිරීමට රජය පළමු වටයේදී තීරණය කරන ලදී. නමුත් සමාජයෙන් පැනනැගුනු දැවැන්ත විරෝදය හමුවේ ඔවුන්ට ද පත්වීම් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.
ඒ අනුව අභියාචනා ඉදිරිපත් කරනු ලැබූ උපාධිධාරීන් අතරින් තෝරාගත් අයගේ නාමලේඛන පසුගිය නොවෙම්බර් 23 වනදා නිකුත් කරනු ලැබුවත් මේ දක්වා ඔවුන් බදවා ගැනීමට කටයුතු කර නොමැත.
සැත්තැම්බර් මස බදවා ගත් උපාධිධාරීන්ගේ, නොවෙම්බෙර් මස දීමනාවද මේ දක්වා ගෙවීමට කටයුතු කර නොමැති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි. අදාල ගෙවීම් නිසි පරිදි ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන ලෙසට ඉල්ලා, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය අද (17) රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේඛම්වරයට ඉදිරිපත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.
