ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද(14) උදෑසන අභාවප්‍රාප්ත විය.
ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය .
මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 61කි.
රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය වෘත්තීය ජීවිතය අරඹන සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු වූ ඒ මහතා මෙරට රූපවාහිනි ක්ෂේත්රයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවනු ලැබිණි.
මෙරට ගේයපද රචනා කලාවේ වෙනසක් කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිර්මාණ රැසකින් ජනප්‍රියත්වයට පත්විය.
මෑතකදී ඒ මහතා රචනා කළ අනන්තයෙන් ආ තරු කුමරා, ප්‍රේම දඩයම , මේ ආදරයයි, නැගිටිමු ශ්‍රී ලංකා ගීත මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් ගීත අතර විය.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
