
විදේශ විනිමය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් අවප්‍රමාණය විය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 189.08 ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 194.66 ක් ලෙසිනි.
මෙය 2020 අප්‍රේල් 30 වෙනි දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ.
රුපියලට සාපේක්ෂව සෙසු විදෙස් මුදල් ඒකකවල අගය ද, ඉකුත් දින 03 ක කාලය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.