වරද කාගෙද සිද්ධ පත්තිනි දේවියේ…

0
197
Sri-lanka-news-today

ඒවි වෙසමුණි කඹේ අතලා මූසලයි කියමින් හුඟක්

ඒවි නැන්දනි තුඹේ ඇරලා නාග කන්‍යා වෙස් තුනක්

පේවි පත්තිනි නුඹේ කියලා ආවේ දෙවොලට බෝ දුරක්

දෙවි පත්තිනි අඹේ පලලා මටත් දෙනු මැන දරු ගැබක්

අනේ සිරිමා හාමුදුරුවනෙ බෝධි මූලෙන් වඩින්නේ

වනේ සරනා දේවතාවුන් ඔබේ සෙවණෙලු හිඳින්නේ

අනේ සිරිමා හාමුදුරුවනේ දරු සොවින් සිත තැවෙන්නේ

බනේ තියෙන දහමේ සිසිලෙන් මගේ දරු දුක නිවන්නේ

එදා මිහිරැති යහනේ සතපා තමයි සඳකට සුවය දුන්නේ

බෙදා එකටම හිඳිමු කියලා සමව දුක සැප බෙදා ගන්නේ

එදා තෙපලූ රසම රස බස් කොහේ සඟවා ගෙන සිටින්නේ

සදා හිමි සඳ වතෙහි පුපුරන ගිනි කඳක් ළඟ මා හිඳින්නේ

සේදෙන නිසරු පොලොවේ වී වපුරන්නේ

පීදෙන බණ්ඩි ගොයමට සෙනසුරු එන්නේ

විහිදෙන තාරුකා එළියේ තනිවෙන්නේ

පෑගෙන වාලුකා කැටියක සිර වෙන්නේ

ගේ පැල තුලින් තාමත් බිළිදෙකු හඬලා

ලේකල පුතුන් නාවට මගෙ කුස හොවලා

තෝ පල ඉතිං ගෙන ආ දෑවැදි තියලා

පේ කල කලේ ගැසුවා හිස මත තියලා

නීලකාසේ රෑන ගරවුන් යන්නේ ඇයි ගේ පසු කරන්

තාම රහසේ හේන කුරහන් බිමට නැමිලා ඇයි හොරෙන්

තාරකාසේ හීන බිළිඳුන් යන්නේ ඇයි රෑ එළි කරන්

තාම මාසෙ පෝය නාවේ ඇයිද සඳවත සිර කරන්

ඉවසලා බැරි තැනයි බැම්මේ ඉවුරු බිඳුනේ නෙතගුලේ

හිරවෙලා හරි දුකයි අම්මේ පවුරු කැඩුනේ දොරගුලේ

වෙහෙසිලා බැරි නිසයි පිම්මේ රුහිරු සිඳුනේ හදවිලේ

නහවලා හරි ගනින් අම්මේ තඹුරු පිපුනේ නෑ විලේ

සළඹ අරගෙන හඬන කඳුළින් වරං ගනු මැන දේවියේ

කරඹ මල් ගෙන වනේ රුක් මුල පුදාපන් ලේ කාලියේ

පැරද කිම ඔබ සැඟව සත්‍යය වසා දොරගුලු මිහිලියේ

වරද මගෙමද නිදන හිරුගෙද සිද්ධ පත්තිනි මෑණියේ

ස්වර්ණ පන්හිඳ..

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here