වතුකම්කරුවන් වහල් බවේ සිටින තාක්කල් කිසිදා විදුලිබල මණ්ඩලයට ලාභ ගත නො හැක

0
167
tea-labour-in-sri-lanka1

“වෙල්ලස්ස ප්‍රදේශයේ ඇති කුඹුරු වලින් මුළු රටටටම අවශ්‍ය සහල් නිපදවිය හැක.එසේ වන තරමට තවත් කැරැල්ලක් අනිවාර්යයෙන්ම  ඇරඹිය හැක. ඔවුන් වතු වගාවේ සේවයට නොපැමිණේ .කල යුත්තේ උවේ සිට පහලට ගලන ගංගාවන් වියලා දැමීමයි. අප ඒ සදහා ඇකේෂියා සහ ඉයුකැලිප්ටස් වගා කරමින් සිටිමු.”

මේ 1923 වර්ෂයේ ලංකාව පාලනය කරන ලද සුද්දන් ලන්ඩනයේ හාම්පුතුන් වෙත යවන ලද පනිවුඩයක ඇති කොටසකි.ඔවුන් අක්කර ලක්ෂ 5ක වනාන්තර කපා වතු වගාව ආරම්භ කරන අතරතුර තවත් ප්‍රදේශ ගණනාවක කඳුකරය වියලන ගස් වගා කරන ලදී .උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල තෙක් ගමන් ගන්නේ නම් මධ්‍ය කදුකරයේ ගංගා ආරම්භක ජල පෝෂක ප්‍රදේශ පේනතෙක් මානයේ තට්ටය ගැවා සේ තේ වගා කර තිබෙන අයුරු නැරඹීමට පුළුවන.නිවර්තන වැසි වනාන්තර භූමියකට කිසිදා වසර 150කට වැඩියෙන් වනාන්තර අහිමිව පැවතිය නොහැක .දැන් ප්‍රතිඵල පෙනේ.වැස්ස සති 3ක් ප්‍රමාද වුයේ නම් හෝ කලින් ඉවර වුයේ නම් ජලවිදුලි ප්‍රතිශතය 40% කට වඩා අඩුවී විදුලි බල මණ්ඩලය රු කෝටි 8000ක් එසේ නොමැතිනම් ඩොලර් මිලියන 400ක් පාඩු ලබයි.

ජලාශ වලට ජලය නිකුත්කළ හැකි වනාන්තර භූමිය දැන් අයිති කලාපීය වතු සමාගම් වලට නොහොත් regional plantation company වලටය . තේ නිෂ්පාදනයෙන් ඔවුන් සපයනුයේ 20% නොහොත් ඩොලර් මිලියන 300කි .ඒ සඳහා ඔවුන්ට හෙක්ටෙයාර් ලක්ෂයක (100,000) වතු ඉඩම් තිබේ.  ඩොලර් මිලියන 1100 ලබාදෙනුයේ කුඩා තේ හිමියන්ය. ඔවුන්ට හෙක්ටෙයාර් 110,000ක් තිබේ .දෙගොල්ලම ආසන්න වශයෙන් සමාන වුවද සුපිරි වතු සමාගම් පයිසෙකටවත් නොවටින්නේ නිපදවන සොච්චමට මහා භූමියක් අල්ලා සිටින නිසා පමණක්ම  නොවේ.වතුකමකරුවෙකුට රු 1000ක වැටුපක්වත් ගෙවා ගැනීමට නොහැකි කොම්පැනි වර්ගයක් වීම නිසාය .එපමණක් නොව වතුසමාගම් භූමියේ තේ වගාව තිබෙන තුරු විදුලිබලමන්ඩලය ඔවුන් නිපදවන  තේ නිෂ්පාදනයේ වටිනාකමටත් වඩා   ඩොලර් මිලියන 100ක් එනම් ඩොලර් මිලියන 400ක් පාඩු ලබන බැවිනි.

මධ්‍ය කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලින් භාගයක් එනම් හෙක්ටෙයාර 50,000ක් යලි වසර 20ක සැලැස්මකින් වනාන්තර බවට පත්කෙරේ නම් අපේ ගංගාවෝ යලි පන ලබනු ඇත.විදුලිබල මණ්ඩලයට පමණක් නොව ගොවිබිම් වලටත් ජලය ගලා යනු ඇත.ඒ සඳහා ආධාරක සංවිධාන ඕනෑ තරම් තිබේ. නිෂ්පාදනය වන ඔක්සිජන් වෙනුවෙන් ගෙවන සංවිධාන වලින් වසරකට ඩොලර් මිලියන 100ක්ද ලබාගත හැක.විදුලි පාඩුවද ක්‍රමයෙන් අවමකොට තවත් ඩොලර් මිලියන 400ක් ඉතිරි කල හැක.තේ  වතු සමාගම් වගාවෙන් භාගයක් අහිමිවීමෙන්. අපට නැති වනුයේ ඩොලර් මිලියන 150කි.මුළුමනින්ම අසාර්ථක වතු සමාගම් මොඩලය වෙනුවට ඉතිරි හෙක්ටෙයාර 50,000 වතු කම්කරු පවුල් පවුල් 180,000 ක් වෙත බෙදා දෙන්නේ නම් ඔවුන් සාර්ථක කුඩා තේ වතු හිමියන්ගේ ගොඩට එකතුවී වහල් භාවයෙන් මිදෙනු ඇත.වතු සමාගම් කම්කරු අර්බුදයෙන් ගැලවී කරන්නට බැරිව දගලන වගාව සහ   තේ තොග වශයෙන් රට යැවීම වෙනුවට වටිනාකම් එකතුවන නිෂ්පාදන සහ ශ්‍රී ලාංකික සන්නාම කරණයට අවධානය යොමු කොට තේ ආර්ථිකයේ උපායමාර්ගික  වෙනසක් දක්වා තල්ලු කල හැක.

එසේ නොවන තාක්කල් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ගමන් විදුලිය කැපීමේ මාතෘකාව පෙරට ගෙන කොමිස් කාක්කන්ගේ තාප විදුලිය බලාගාර ව්‍යපෘති සහ මිලදී ගැනීම් තුලින්  ජාතියම බංකොලොත් කරනු ඇත.

අරුණ කාන්ත බණ්ඩාර

කළමණාකාර අධ්‍යක්ෂක

Healthyfla කර්මාන්ත ශාලාව

මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here