ලොතරැයියකින් රුපියල් කෝටි 24ක් දිනු වාසනාවන්තයා

0
58
lottery

ශ්‍රී ලාංකේය ලොතරැයි ඉතිහාසයේ රුපියල් 20ක ටිකට්පතකට හිමිවූ විශාලතම ජයමල්ල වන රුපියල් විසිතුන් කෝටි හැට දෙලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑ අටක මුදල (236,220,278.35) මෙගා පවර් ලොතරැයියේ මෙගා සුපිරි තෑග්ග දිනා ගැනීමට සමත්ව තිබේ.

1963 අංක 11 දරන මුදල් පනත යටතේ ස්ථාපිත කරන ලද ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් නිකුත් කරන මෙම ලොතරැයිය ඊයේ (23) පස්වරුවේ දිනුම් අදින ලද අතර ජයග්‍රාහී ලොතරැයිපත කටුගස්තොට අලෙවි නියෝජිත ආර්.ඒ අජිත් රණසිංහ මහතා විසින් අලෙවිකර තිබේ.

මෙම ජයමල්ල ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ පිරිනමන ලද විශාලතම ජයමල්ල වන අතර මීට පෙර ද විශාලතම ජයමල්ල ලෙසින් සැලකූ රුපියල් දහතුන් කෝටියක මුදල ගොවිසෙත ලොතරැයියකින් පිරිනැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත්විය.

ඒ අනුව 2016 වසරේ මැයි මස 11 දින මෙරටට හඳුන්වාදී තිබෙන මෙගා පවර් ලොතරැයිය මෙරට ලොතරැයි ඉතිහාසය තුළ විශාලතම ජයමල්ල පිරිනැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here