ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය

0
78
sri lanka-premier-league

Sri Lanka News Today: ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් අද (5) පෙරවරුවේ පැවැත්වුණා. පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වුණ බවයි ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න ප‍්‍රකාශ කළේ. 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ ක‍්‍රිකට් බලධාරීන් අතර ඊයේ තවත් සාකච්ජාවක් පැවැත්වුණා. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියා. මෙම තරගාවලිය පැවැත්විය යුතු බවත් එය සිදු කළ යුත්තේ සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව බවටයි සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමටද තරග සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.  ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත්තේ.
 
කෙසේ වෙතත් ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Green Card 1
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Advertisement
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here