කොවිඞ් වෛරසය හමුවේ අධ්‍යාපනය අඩාළ වී සිටින පාසල් සිසුන් සඳහා රූපවාහිනි මාධ්‍ය සහාය කරගෙන අද (16දා) සිට පැය 16ක් පුරා අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි.
ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව උපයෝගි කරගෙන මෙම වැඩසටහන් පෙරවරු 4.00 සිට රාත්‍රි 12.00 දක්වා සතියේ දින 07 පුරාම විකාශය කිරීමට කටයුතු කර ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රන්ජිත් පද්මසිරි මහතා පැවසීය.
දිනපතා පෙරවරු 4.00 සිට පෙරවරු 6.00 දක්වා උසස් පෙළ සිසුන් සඳහා ද, ඉන් පසු වෙලාවන් අනෙකුත් ශ්‍රේණිවල සිසුන් සඳහාද වෙන් කෙරේ. සඳුදා සිංහල මාධ්‍යයෙන් විකාශය කරනු ලබන වැඩසටහන අඟහරුවාදා දෙමළ මාධ්‍යයෙන් සිදු කෙරේ. සති දෙකක් පුරා ක්‍රියාවට නංවන මෙම වැඩසටහන්වල 11 වැනි දින ඉංග්‍රීසි විෂයය ඉගැන්වීම් සිදුකරන අතර එය සිංහල හා දෙමළ දෙපිරිසේම සිසුන් සඳහා පවත්වනු ලැබේ.
මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන විද්‍යාලවල විදුහල්පතිවරුන්ගේ සහායෙන් ආචාර්යවරුන් 200කගේ දායකත්වය ලබා ගෙන ඇති අතර දෙමළ මාධ්‍ය සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල්වල ආචාර්යවරුන්ගේ සහාය ලබාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1377 විශේෂ දුරකථන අංකය ඔස්සේ හෝ 011-7601702 ඔස්සේ ද විමසීම් කළ හැකිය.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
