ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇතිබව මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනීයයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් විය.
දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ, ඩොලරයේ අගය ඉහළයාම සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී පීඩනය යම් මට්ටමකින් සමනයවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.