රැකියා අපේක්‍ෂිත උපාධිදාරීන් කබලෙන් ලිපට

0
532
Graduate.nhnjjnjpg

මැතිවරණ කාලයේදී පොරොන්දු වූ පරිදි රැකියා අපේක්‍ෂිත උපාධිදාරීන් සදහා රැකියා ලබදීමෙ වැඩසටහනක් රජය මගින් ක්‍රියාත්මක කරන ලදී.

නමුත් EPF සහ රැකියා පදනම යටතේ  රැකියා අපේක්‍ෂිත උපාධිදාරීන් 10,000ට ආසන්න ප්‍රමාණයකගේ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරන ලදී.  පසුව සමාජයේ විවිද ස්ථරවලින් රජයට එල්ලවූ විරෝදතාවය හමුවේ නැවතත් EPF සහ රැකියා පදනම යටතේ ප්‍රතික්ෂේප කරන ලද රැකියා අපේක්‍ෂිත උපාධිදාරීන් සදහා රැකියා ලබාදීමට රජය තීරණය කරන ලද අතර ඒ සදහා කැබිනට් අනුමැතියද හිමිව තිබිණ.

නමුත් ප්‍රතික්ෂේප වූ රැකියා අපේක්‍ෂිත උපාධිදාරීන් 10,000ට ආසන්න ප්‍රමාණයේ නාමලේකනය අඑතුලු සියලු තොරතුරු රජය සතුව තිබියදී , නැවත අබියචනා ඉදිරිපත් කරන ලෙසට රජය මගින් දැනුම්දීම නිසා අනවශ්‍ය ප්‍රමාදයක් රජය මගින් හිතාමතාම නිර්මාණය කලබවට උපාධිදාරීන් චෝදනකරයි. 

එම උපාධිදාරීන් බදවාගන්නා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට රජය මේදක්වා අපොහොසත් වී ඇත.

මෙසේ අයධුම්පත් ප්‍රතික්ෂේප වූ බොහෝ උපදිධාරින්ට රජය මගින් පසුගිය මාර්තු මාසයේදී පත්වීම් ලිපි ප්‍රදානය කර තිබුනි. නමුත් මහමැතිවරණයෙන් පසුව එම පත්වීම් ලිපි සියල්ල අවලංගු කර නව ලයිස්තුවක්  ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම ගටලුව නිර්මාණය වූ බවයි අසදරණයට පත් උපදිධාරින් ප්‍රකාශ කර සිටින්නේ . 

මාර්තු මාසයේදී පත්වීම් ලැබීම නිසා බොහෝදෙනා ඔවුන් එතෙක් කරමින් සිටි රැකියාවෙන් ඉවත්ව තිබු අතෙර මේ අවස්ථාව වන විට මාස ගණනාවක් කිසිධු අධයමක් නොමැතිව ඔවුන්ට දිවිගෙවීමට සිදුව තිබේ. මෙම හේතුව නිසා පවුල් 10,000ට අසන්න ප්‍රමාණයක් ඉතාමත් අසරණ තත්වයකට පත්ව අත.

මෙම ගැටලුව ඉක්මනින්ම විසදන ලෙසට ඉල්ලමින් ඒකාබද්ධ  රැකියා විරහිත  උපාධිධාරීන්ගේ සංගමය කොලඔ ඇතුළුව දිවයිනේ සියළුම නගරවල විරෝදතා සංවිධානය කරන ලදී. 

විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමධාස මැතිතුමා ද මේ පිලිබදව පාර්ලිමේන්තුවේ දී පසුගියදා ප්‍රශ්ණ කරනු ලැබුවත් සාර්ථක පිළිතුරක් දීමට රජය අපොහොසත් විය. 

COVID -19 පැතිරීම හේතුවෙන් රට නැවතත් වසාදැමීමට සිදුවුවහොත් මෙම උපදිධාරින් නියෝජනය කරන පවුල් 10,000ට ආසන්න  ප්‍රමාණය දැඩි අසීරුතාවයකට ලක්වනු ඇත . සැබවින්ම එය කබලෙන් ලිපට වැටීම වැනි තත්වයකි. 


මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here