මුදලින් නොදෙන නිසා නිලධාරීන් ලෝක බැංකු ආදර එපකියයි

0
235
world-bank-sri-lanka-news-toady

Sri Lanka News Today : මුදල් අතට නො දෙයි.ඩොලර් මිලියන 127 ක සෞඛ්‍ය උපකරණ යුනිසෙෆ් හරහා ලබා ගන්නැයි ලෝක බැංකුව කියයි.
මාස හයක් ගෙවිලත් – සෞඛ්‍ය අමාත්‍යංශය – නිහඩයි.

සති අන්ත රාවය පුවත්පත ද ඔවුන්ගේ ප‍්‍රධාන පුවත ලෙස මෙම ප‍්‍රවෘත්තිය වාර්තා කර තිබුණි. එම ප‍්‍රවෘත්තිය ම, අද නිකුත් වී තිබෙන සති අග අරුණ පුවත්පතද වාර්තා කරයි.

කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා ලෝක බැංකුව, ඩොලර් මිලියන 127 ක මුදලක්, පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ලංකාව වෙනුවෙන් අනුමත කර තිබේ.

නමුත් මෙම මුදල, මුදල් වශයෙන් සෘජුව අපට ලබා දෙන්නේ නැත. අපට අවශ්‍ය භාණ්ඩ ඔවුන් අපට ලබා දෙන්නේ යුනිසෙෆ් ආයතනය හරහා ය.

Green Card 1

උපකරණ මිලදී ගන්නා සමාගම් සමග සම්බන්ධ වී මිළ ගණන් කැදවන්නේ යුනිසෙෆ් ආයතනයයි. (මේ නිසා කිසිවකුට එම මුදල් අවභාවිතා කිරීමට ඉඩක් නැතැයි අපට සිතිය හැකි ය.)

යුනිසෙෆ් ආයතනය අදාල මිල ගනන් කැදවා, සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ද පුවත්පත වාර්තා කරයි.

ලබා දී තිබෙන ඩොලර් මිලියන 127 ක මුදල ප‍්‍රමාණවත් නොවන්නේ නම්, තවත් ඩොලර් මිලියන 40 ක මුදලක් ලබා දීමට ද ලෝක බැංකුව සූදානමින් සිට ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, මෙතෙක් මේ මුදලින් කිසිදු ප‍්‍රයෝජනයක් ගෙන නැති බවට චෝදනා කරන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්, මේ පිළිබදව සොයා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලා සිටින බව පුවත්පත පවසයි.

රාවය පුවත්පත, ඔවුන්ගේ ප‍්‍රධාන පුවත ලෙස මෙම ප‍්‍රවෘත්තිය පළ කර තිබුනි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here