Video | මාළු කන්න බය වෙන්න එපා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි

0
55

 ‘‘මාළු කන්න බය වෙන්න එපා. මාළු අමුවෙන් කන කොට රසයි’’ යැයි කියමින් සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත‍්‍රි‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (17දා* විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මුහුදු මාළුවකු අමුවෙන් කමින් මාළු මිලදී ගන්නැයි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
 
 පොලිතින් බෑගයක දමාගෙන මන්තී‍්‍රවරයා විසින් එම මාධ්‍ය හමුවට ගෙනැවිත් තිබූ මාළු කූරී දෙදෙනකු ඉන් ඉවතට ගෙන තමා මෙම මාළු මිලදී ගනු ලැබුවේ ඊට පෙර දින තංගල්ල ධීවර වරායෙන් බවත්, මාළු කෑමෙන් කොරෝනා වැළඳෙන්නේ නැති බවත් කියමින් මාළුවකු අමුවෙන් කා පෙන්වීය.
 
 තම මුතුන් මිත්තන් ධීවර ක්ෂේත‍්‍රය ගැන හොඳ දැනුමක් ඇති අය බවත්, තමන්ට ද ඒ පිළිබඳව මනා දැනුමක් ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා පිරිසිදු මාළු කෑමට බිය නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
 ධීවර කර්මාන්තය කරගෙන යෑමට ආණ්ඩුවෙන් සහන ලබා දිය යුතු බවත් රුපියල් පන්දාහේ දීමනාව ධීවරයන්ටත් ලබා දෙන ලෙසත් මෙහිදී මන්තී‍්‍රවරයා ඉල්ලා සිටියේය

සම්පුර්ණ වීඩියෝව  පහත දැක්වේ

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here