මාකඳුරේ මධුෂ් මරුට | ’Makandure Madush’ dead

0
92
makadure_madush

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මියගියේ අද අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක් ද සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

රහස් පොලිසියේ අත්අඩංගුවේ පසුවන මාකන්දරේ මදුෂ් මහතා පසුගිය සිකුරාදා (16) වැඩිදුර පරීක්ෂණ සඳහා සීසීඩී භාරයට මාරු කර යවා තිබේ.

2019 පෙබරවාරි 5 වන දින ඩුබායි හි පැවති මත්ද්‍රව්‍ය ජාවාරම් සාදයකදී අත්අඩංගුවට ගත් මදුෂ් පසුගිය වසරේ මැයි මස 5 වන දින ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී.

මේ අතර, මාකන්දරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මාලිගවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

එම ස්ථානයේ තිබී සොයාගත් යතුරුපැදිය පිළිබඳව ද සීසීඩී පරීක්ෂණ පවත්වයි.

මියගිය මදුෂ්ගේ බිරිඳ විසින් මළ සිරුර හඳුනාගෙන ඇති අතර මහේස්ත්‍රාත් හා මරණ පරීක්ෂණවලින් අනතුරුව මෘත ශරීරය මධුෂ්ගේ පවුලට මුදා හරින බවද ඔහු පැවසීය.

Advertisement

Notorious underworld drug kingpin Samarasinghe Arachchige Madush Lakshitha alias Makandure Madush was shot dead in a crossfire between police and other suspected underworld figures at Maligawatte Housing Complex, Police Spokesman DIG Ajith Rohana said.

He said the officers of the Colombo Crimes Division had taken Madush to an apartment at the housing complex to recover a stock of hidden heroin.

DIG Rohana said that a group of unidentified men, suspected to be underworld figures had reportedly opened fire at the police.

Madush’ has been shot dead in a crossfire between police and the underworld figures near the housing complex.

DIG Rohana said that two Police Constables attached to the CCD were also injured in the shootout.

Police have recovered 22 kilograms of heroin, 02 pistols and a motorcycle at the location.

Makandure Madush who was under the custody of the CID was transferred to the custody of the CCD for further investigations on last Friday (16).

Madush who was arrested at a drug-fuelled party in Dubai on February 5, 2019, was deported to Sri Lanka on May 5 last year.

Meanwhile, the spokesman said that a special police team headed by the OIC of the Maligawatta Police had been appointed to investigate into the death of Makandure Madush.

DIG Rohana said the CCD also investigating over the motorcycle which was found in the scene.

The wife of deceased Madush has identified the dead body and that the body would be released to the Madush’s family after the magisterial and autopsy inquiries, he said.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here