මහර සිදුවීම යට ගහන්න එපා. වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – විපක්ෂ නායක

0
90
sajith-premadasa-at-parliament-sri-lanka-news-today

මහර සිදුවීම යට ගහන්න එපා. ඒ ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි.

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පිටත සිටියත් ඇතුලත සිටියත් බන්ධනාගාරයේ  සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වගකීමක් බව පැවසූ විපක්ෂ නායකයා, බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් නිර්මාණය වනතුරු ආණ්ඩුව නොසැලකිලිමත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පල කළේය.

මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here