රැදවියන් අට දෙනෙකු මරණයට පත් කරමින්, මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමට හේතුව, බන්ධනාගාර තුළින් කොරෝනා පොකුරක් නිර්මාණය වීමත්, ඒ සම්බන්ධයෙන් රැදවියන් නොසන්සුන් වීමත් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන්, විපක්ෂ නායක සජිත පේ‍්‍රමදාස මහතා පැවසූවේ ද, අනුර කුමාර දිසානායක මහතාගේ අදහසට සමාන අදහසකි.
කිසියම් කණ්ඩායමක්, ලේ කෝපකරවන පෙත්තක් රැදවියන් අතර බෙදා හැර ඇති බවත්, මහර රැදවියන් ප්රචණ්ඩ වී ඇත්තේ එම පෙත්ත භාවිතා කිරීමෙන් ලේ කෝප වී බවත්, මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් අමාත්‍ය විමල් වීරවංශ කරුණු සහිතව පැහැදිලි කර සිටියේ ය.
කෙසේ වෙතත්, විෂයභාර අමාත්‍යවරිය පැවසූවේ, මෙය කිසියම් කුමන්ත්‍රණයක් බවයි. රජය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම ගැටුමට හේතුව බවද ඇය පවසා සිටියේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන සිදුකළ මෙහෙයුම් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් වැඩිවීම නිසා මෙරට බන්ධනාගාර තුල රැඳවියන් 32,000 කට ආසන්න පිරිසක් සිටීමෙන් දැඩි තදබදයක් ඇතිවී තිබෙන බව ඇය කියා සිටි අතර බන්ධනාගාරය තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනෙක් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ක්‍රියා පටිපාටියක් ගෙන යන බව ඇය කියා සිටියේ.
මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් පළා යාමට උත්සහ දැරූ බවත් එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 08 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේක්ම්වරියගෙන් ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරනවා සේම ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට ද කටයුතු යොදන බව කියා සිටියා.