මධ්‍යම අධිවේගයේ කෝටි 800ක් මකර කටට

0
87
central-expressway

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 වසර දක්වා ප්‍රමාද වීම නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 800ක් බව හෙළි වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) මේ තොරතුරු අනාවරණය වී තිබිණි. එහි දී සිදුව ඇති අක්‍රමිකතා අතර ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් කෝටි 170ක් පමණ වැය වී ඇති බව ද ඒ තොරතුරු අතර විශේෂයෙන් සඳහන් වෙයි.

ශක්‍යතා අධ්‍යයනයට කෝටි 170ක් තරම් නාස්තියක් සිදු වී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සමාගමක් තෝරාගැනීම බවත් ඒ හේතුවෙන් ශක්‍යතා අධ්‍යයන කිහිපයක්ම කිරීමට සිදු වූ බවත් සඳහන් වෙයි. එය පළමු කොටසේ ප්‍රමාදයට ද හේතු වී තිබිණි. ඒ හැර තෙවැනි කොටසේ දී (පොතුහැර – ගලගෙදර) පවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සිදුව ඇති බවත් මේ හේතුවෙන් එම ක්‍රියාවලිය තවමත් අවසන් කිරීමට නොහැකිව තිබෙන බවත් අනාවරණය වී තිබිණි.

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාදයට බලපෑ මුල් ව්‍යාපෘතිය වෙනස් වීමෙන් සිදු වූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්නැයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබිණි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here