බෝගම්බර පැරණි බණ්ධනාගාරයේ නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් පස් දෙනකු අද අලුයම බන්ධනාගාර තාප්පයෙන් පැන පලා යාමට උත්සහ කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, එම අවස්ථාවේදි එක් රැඳවියකු මියගොස් ඇති බවයි.
පලා යාමට තැත් කළ තවත් රැදවියන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය රැඳවියා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුදගලයෙකි.
කෙසේ වෙතතත් බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී එක් රැඳවියකු පලාගොස් ඇති අතර ඔහු අත්තඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පලා යාමට තැත් කළ රැඳවියන් පිරිස මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

