‘බුරවි’ හිතුව තරම් නරක නැහැ

0
66
Buravi-Hurricane

ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාවට ඇතුළුවූ බුරවී සුළි කුණාටුව මේ වන විට ක්‍රමයෙන් මන්නාරම් බොක්ක ආසන්නයේ ස්ථානගත වෙමින් පවතින අතර එය අද දහවල් කාලය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

‘බුරවි’ සුළි කුණාටුවෙන් තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් වාර්තා වුව ද බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි.


උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර අද(03) අලුයම 2.30 පමණ වනවිට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, මුලතිව්, අලම්පිල් ප්‍රදේශයෙනි.

එම අගය මිලිමීටර 222 කි.

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර 200.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද අලුයම 2.30 පමණ වන විට යාපනය ප්‍රදේශයෙන් වාර්තාවන වර්ෂාපතනය මිලීමීටර 194.3 කි.

මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මිලීමීටර් 195. 5 ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මිලීමීටර් 189ක්, හා වැලිඔය ප්‍රදේශයෙන් මිලීමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මන්නාරම මිලිමීටර් 128 ක වර්ෂාපතනයක් හා ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
නිවාස 15 ක් මුළුමනින්ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 141ක් පමණ අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.
  
පීඩාවට පත් පිරිස රඳවා තැබීම සදහා කදවුරු 4ක් යාපනය දිස්ති‍්‍රක්කයේ ස්ථාපනය කොට තිබේ. මෙහිදී වැඩිම බලපෑම් සන්ඩිලිප්පායි චාවකච්චේරී හා පේදුරුතුඩුව යන ප‍්‍රදේශ වලට එල්ලවී පවතී.
 
මෙයට අමතරව මරතන්කෙර්නී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් පවුල් 167 ට අයත් සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ නිලධාරීහු පවසති.
 
පේදුරුතුඩුව ප‍්‍රදේශවේ පවුල් 58 ට අයත් සාමාජිකයින් 206 ක් වේලනෙයි ප‍්‍රදේශයේ පුවල් 23 ට අයත් පුද්ලගයින් 80 ක් ආදි වශයෙන් පීඩාවට පත්ව සිටිති.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here