
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට වාර්තා වී ඇත.
විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ වයිරසයේ නව ප්‍රභේදය අනෙකට වඩා 71%ක වේගයෙන් පැතිරෙන බවයි. අගමැති බොරිස් ජොන්සන් මහතා විසින් සෙනසුරාදා ලන්ඩන් ඇතුළු ගිණිකොන දිග ප්‍රදේශ වලට දැඩි සීමා පැනවූ අතර එයින් මිලියන 16ක පමණ ජනතාව අගුලු දමා ඇත.
ඇතිවී තිබෙන නව තර්ජනය හමුවේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි අමෙරිකාව සඳහන් කළේ.
