ඉකුත් මහා මැතිවරණයෙන් කොඩිය ලකුණෙන් තරග කළ ‘අපේ ජනබල පක්ෂයට’ හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසම විසින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර තිබේ.
එම නම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් ඊයේ (18 දා* දහවල් නිකුත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉකුත් අගෝස්තු මස 05 වැනිදා පැවැති අතර එහි ප්‍රතිඵලවලට අනුව ‘අපේ ජනබල පක්ෂයට’ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය. මෙම මන්ත්‍රී ධුරයට පුද්ගලයකු නම් කිරීම පක්ෂයේ දැඩි අර්බුදයක් බවට පත් වූ අතර පක්ෂයේ ලේකම්වරුන් ද වෙනස් කිරීමට හේතු විය.
අතුරලියේ රතන හිමියන් ජනවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට නියමිතය.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.