පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

0
192
manin market

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද දින පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත්වුනා.. 

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිකිරිම සදහා මුල්ගල තබනු ලැබුවේ 2016 ජනවාරි 30 වන දින හිටපු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ය.  එම උත්සව අවස්ථාවට අදාල චායා  රුපක්ද පහත දැක්වේ. 

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ සඳහා මුල්ගල තැබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here