තැනින් තැන බිඳී ඇති
දිරුම් ඉහිරුම් හිඟ නැති
පාලමකි එල්ලෙන
කම්බි මලකඩට පෙම් බැඳි
එහා ඉම වසාගත්
ඝනැති මීදුමය
ඝනාන්ධකාර පතුලත
දැක්ම බියකරුය
සොම්නස් සේයාවකදු නැති
මහද බෝ සැඩය
ඒ දැකත් නොහැරී
එහදටම පෙම් බැඳි
ඔබ එතෙරවනු දැක්ම
නිරන්තර පැතුමය
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.