දේශීය බෙහෙතින් කොරෝනා කොරවෙයිද?

0
172
edirige satahana

COVID 19 සදහා ලෝකයේ ප්‍රබල රටවල් එනත් සොයාගැනීමට තරගයක නියැලෙන කාල වකවානුවක , එන්නතක් නොවුනත් සාර්ථක ඖෂදයක් අප වැනි කුඩා රටකින් සොයාගෙන ඇත යනුවෙන් අසන්නට ලැබීමද සතුටට කරුණකි. 

බෙහෙත සොයාගෙන ඇත්තේ හද්ද පිටිසර ගමක සිටින  රෙද්ද  බැනියම  අදින පාරම්පාරික වෙද මහතෙකි. සමහර අයට අනුවනම් මේසන් බාස් කෙනෙකි. තවත් සමහර අයට අනුව පට්ට හොරෙකි. 

බෙහෙත සාර්ථකත්වය සම්බන්දව මුලික පරීක්‍ෂණය සිදුකර ඇත්තේ බටහිර වෛද්‍යවරුන් පිරිසකි. සිදුකරනු ලැබූ පරීක්‍ෂණයට කෘත ගුණ සැළකීමක් වශයෙන්  ඔවුන්  නියුතුව සිටි තනතුරු වලින් පහල දැමීම ආදී විවිද දුස්කරතාවයන්ට මුහුණ දීමට එම වෛද්‍ය කණ්ඩායමට සිදුවූ බවද වාර්තාවිය. එවැනි සිදුවීම් වාර්තා නොවුනානම් පමණක් අප පුදුම විය යුතුය. 

කෙසේවෙතත් ලින් මැඩියන් සේ නොසිට තම වෘර්තිය තුල වෙනස් විදියකට සිතා කටයුතුකළ එම වෛද්‍යවරුන් පිරිස ජාතික විරයන්ය. 

දේශීය චින්තනයක් . දේශීය ක්‍රමවේදයක් සහ පාරම්පරික දැනුම නැවත අලුත් මානයකින් යුතුව බාවිතයට ගත යුතුයි යනුවෙන් මාධ්‍ය ඉදිරියේ උදේ හවස කෑගසන බොහෝ දෙනෙකු ප්‍රයෝගිකව සිදුකරන්නේ බටහිර චින්තනය තවතවත් ඔප දැමීමකි. COVID 19 සදහා සොයාගත් ඖෂදය සාර්ථක වුවත් නැතත් , එම ඖෂදය සම්බන්දව මෙරට ජනසමාජය නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ හැසිරීම මත එය මැනවින් අවබෝදවේ. 

මුහුණු පොතේ සිටින නැහැදිච්ච ගැටයෙක් මෙසේ සටහනක් තබා තිබුණි. “ එක්කෙනෙක් කොරෝනා වලට බෙහෙතක් හොයා ගත්ත. ලියාපදිංචි වෛද්‍යවරු ඒ බෙහෙත හදපු කෙනා ලියාපදිංචි නැහැ කියල හොයා ගත්තා” 

බෙහෙත් සම්බන්දව කතා කිරීමට මට දැනුමක් නොමැත. නමුත් සිදුවෙමින් පවතින ක්‍රියාදාමය සම්බන්දව අවබෝදයක් ලබාගැනීමට මහා ලොකු ශාස්ත්‍රීය දැනුමක් අවශ්‍ය නොවේ. COVID 19 සදහා සොයාගත් දේශීය  ඖෂදය සම්බන්දව කලබල වෙන අපේ රටේ උගත්තු බොහොමයක් , අපේ රටේ මිනිස්සු ලෙඩුන් බවට පත් කරන කුට වෙළදුන්ගේ ක්‍රියා කලාපය ඉදිරියේ තම මුනිවත රකී . 

මෙවර අයවැය විවාදයේදී ඇමති විමල් විරවංශ හෙළිදරව් කරනු ලැබුවේ ලක්ස් සහ ලිෆ්බෝයි යන සබන් වර්ග දෙක තුල පිරිසිදු කාරක සදහා භාවිතා කරන පිළිකා ඇතිකරවන රසායනිකයන් අඩංගු බවයි. එමෙන්ම විමල් විරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළිදරව් කෙරුවේ අප භාවිතා කරන පොල්තෙල් වල 70%ක් පමණ අඩංගු වන්නේ පිළිකා ඇතිවීමට හේතුවන ෆාම් තෙල් බවයි.  

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද හෙළි කරනු ලැබුවේ සතොසින් ගෙන්වනු ලැබූ සැමන්  ටින් වල 2%කට ආසන්නව අසනික් නැමති විෂ රසායනය අඩංගු බවයි.  

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාද පසුගිය ආණ්ඩු කාලයේදී පාර්ලිමේන්තුවට නියෝජ්‍ය ඇමතිවරයකු ලෙසට සිටිමින් ප්‍රකාශ කලේ අපේ රටට ආනයනය කරන කිරිපිට්වල ශරීරයට අහිතකර උරු තෙල් සහ ෆම්තෙල්  සංයෝග ඇතුලත් බවයි. 

මිට අමතරව හිටපු ජනාධිපති   මෛත්‍රීපාල  සිරිසේන පැවසුවේ අපේ රටේ වසරකට අලුතින් වකුගඩු රෝගීන් 5000 බිහිවෙන බවයි.  මෙවැනි කරනා සම්බන්දව කලබල වී මාධ්‍ය හමු පැවැත්වීමට අපේරටේ උගතුන් හෝ විද්වතුන් කියා ගන්නා කොට්ටාශය කටයුතු කරන්නේ නැත. 

අපේ රටේ බොහෝ ප්‍රශ්ණ වලට සහ නොදියුණු භාවයට හේතුව දේශපාලඥයන්  යෑයි බොහෝ දෙනා චෝදනා කෙරුවත් දේශපාලඥයන්ට අමතරව උගතුන් බුද්ධිමතුන් යැයි කියාගන්නා ඊනියා අවස්තවදින්ද අපේ රටේ පසු බෑමට ප්‍රබලම හේතුවකි.

කවුරු සොයා ගත්තත් COVID 19 සදහා පවතින දේශීය ඖෂදය සාර්ථක එකක්නම් කලයුතු වන්නේ සියලුදෙනාගේම දායකත්වය ලබාදී එය රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙසට ඉක්මනින්ම ලබාදීමට කටයුතු කිරීමයි . සොයා ගත් පුද්ගලයා ගමේද නගරයේද, වෛද්‍යවරයෙක්ද නැද්ද , බෙහෙත ලියාපදිංචිකරලද නැද්ද වැනි කාරණා අතිශයින්ම ප්‍රථමික කාරණය . 

යම්හෙයකින් දේශීය ඖෂධය සාර්ථක වුවහොත් එය අපට විදේශවිනිමය ගෙන දෙන මාර්ගයක් බවටද පත්වනවා නොවනු මානය. සාර්ථක බෙහෙතක් සදහා ඕනෑම මිලක් ගෙවීමට මෙම අවස්ථාවේ ලොව සිටින සැම ප්‍රබල රටක්ම සුදානම්ය. අප කලයුත්තේ පුලුවන්නම් එවැනි වෙළද පොලක් නිර්මාණය කර ගැනීමටය. අප පටු අරමුණු වෙනුවෙන් රට ඇතුලේ කුලල් කා ගනිද්දී අපේම බෙහෙත පෙත්තක් ආකාරයෙන් පිට රටකින් අපිටම මිලිදී ගැනීමට සිදුවෙඉමේ අවදානමක්ද ඇත. වෙළද අධිපත්‍යක් ගොඩනාග ගැනීමට ලොව දැවැන්තයින් සිතල යුද්දයක නියැලී සිටින මෙවන් වකවානුවක ඔවුන්ගේ උපක්‍රම අපවැනි කුඩා ආර්ථිකයන්ට සිතා ගතවත් නොහැක. 

සිදුකල යුතුව ඇත්තේ වඩාත් නිර්මාණශීලි ආකාරයෙන් එක්සත්ව රටක්වශයෙන්  COVID  ප්‍රශ්ණයට  මුහුණ දීමයි. එවිට නොසිතු අවස්තාවන් සදහා දොරටු විවර කර ගත හැක.  

වරක් ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකන් ඩොලර් මිලියන ගණනක් වියදම් කර අභ්‍යවකාශයේදී ලිවීමට හැකියාව ඇති පැනක් නිර්මාණය කරනු ලැබුවා. නමුත් රුසියාව කිසිදු වියදමක් නොකර අභ්‍ය්වකාශයේදී ලිවිම සදහා පැන්සලක්  බාවිතා කෙරුවා .  අපිට උවමනාවක් තිබෙනවානම් මුදලුත් ඉතිරිකරගෙන අවශ්‍ය කාර්යයත්  ඉටුකටර ගැනීමට පුළුවන්. අවශ්‍ය වන්නේ වෙනස් විදියකට සිතා කටයුතු කිරීම පමණි 

පහත කියමනින්ම සටහන අවසන් කිරීමට සිත්දේ ……..

පුසා කළු වුවත්, සුදු වුවත් වඩාත් වැදගත් වනුයේ ඌ මියන් අල්ලනවද නැද්ද යන කාරණයයි .

මීට  එදිරි

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here