ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.
මිය යන විට ඔහු 60 වැනි වියේ පසුවිය.
පාපන්දු පිටියේ සිටි ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔහු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් ක්‍රීඩාවෙන් පිටත ජීවිතයේදීද දැඩි ලෙස කතාබහට ලක්වූ පුද්ගලයකු විය.
වසර 1986 දී පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ආජන්ටිනා කණ්ඩායම මෙහෙය වූ හෙතෙම, එහි තරගයකදී එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ‘දෙවියන්ගේ හස්තය’ නමින් ලොව ප්‍රචලිත ගෝලය වාර්තා කළේය.
මොළයේ රුධිර කැටි ගැසීමක් සඳහා සැත්කමක් කර සති දෙකකට පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ (25) සිය නිවසේදී මිය ගියේය.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
