තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසර මුලදී

0
151
covid-19-sri-lanka

Sri Lanka News Today: ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට  කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Green Card 1

මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි රැල්ලේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි නිසා ජනතාව සැමවිටම සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන්  අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා  ප්‍රකාශ කළේය.

“කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතල ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න,” යනුවෙන් ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here