අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වී තිබේ.
මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී තිබේ.
සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නව කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂාවන්ට ලක්වුවා.
හෝප් හික්ස් දින කිහිපයකට පෙර රූපවාහිනි විවාදයකට සහභාගී වීම සඳහා ඔහියෝ වෙත ගමන් කර ඇත.
මේ අතර හික්ස් මුව ආවරණයක් නොපැළඳ ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන් බසිනු දැක ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.


