ජෝ බයිඩ්න්ට ජනපති, අගමැති සහ විපක්ෂ නායක සුබ පතති

0
94
Joe-Biden-Sri-Lanka-news-today

ඓතිහාසික ජයග්‍රහණයක් අත් කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා බවට තේරී පත්ව තිබෙන ජෝ බයිඩ්න් මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් සිය සුබපැතුම් එක් කර තිබේ.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජෝ බයිඩ්න් මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කර ඇත.

මේ අතර ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩ්න්ට මහතාට සිය සුබපැතුම් එක්කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස්ට ද සුබපැතුම් එක්කර තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඇමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපති කමලා හැරිස්ට සුබපැතුම් එක්කර තිබේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here