දිවයිනේ සියලු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිට වූ බවයි.