ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් පූර්ව වටයට

0
243
ගෝල් ග්ලැඩියේටර්ස්

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (10) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු නවයකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

 මූලික වටයේ දෙපිළම සහභාගි වූ අවසන් තරගය මෙය වු අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලද මෙම ජයත් සමඟ දෙපිළේම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 බවට පත් වුණා. කෙසේ වෙතත් කැන්ඩි ටස්කර්ස් පිලට වඩා ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ, ලකුණු ලබා ගැනීමේ දළ වේගය ඉදිරියෙන් පැවැතීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට වරම් හිමිවුණා.  

ගාල්ල පිල අද ලැබූ පහසු ජයග්‍රහණයත් සමඟ ශුද්ධ ලකුණු වේගය -0.481 සිට -0.203 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.
මහනුවර පිල ලැබූ මෙම පරාජයත් සමඟ ශුද්ධ ලකුණු වේගය -0.664 සිට -0.771 දක්වා පහත වැටුණු අතර ඒ අනුව මහනුවර පිල තරගාවලියෙන් ඉවතට විසිවිය.

මෙම තරගාවලිය පුරා ලකුණු අතර රැදී සිටින ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94ක් රැස් කරමින් මෙම තීරණාත්මක තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට රැගෙන ගියා. ධනුෂ්ක ගුණතිලක මෙවර තරගාවලියේදී වාර්තා කළ 4 වන අර්ධ ශතකයද මෙය වනවා. පන්දු 66කදි වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්. තරගයේ වීරයා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක. 

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here