ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරගයට..

0
279
Galle-Gladiators

ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේ පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලූ 2 කින් ජය ගනිමින්. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා මෙම තරගයේදී කැපී පෙනුනා. 

ඉන්පසුව කණ්ඩායම් සං‍යුතියේ වෙනසක් සිදු කරමින් ගාල්ලේම උපන් ධනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර නවකයන් කණ්ඩායමට ගෙන ඒමට ගෝල් ග්ලැඩියේටර්ස් කළමණාකාරීත්වය තීරණය කළා.

ධනංජය ලක්ෂාන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අතර, පොඩි මාලි නමින් හැඳින්වෙන නුවන් තුෂාර ඇල්පිටිය තලාව කණිටු විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨ වුනා. මේ නවකයන් දෙදෙනාගේ ආගමනයත් සමගම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සම්පූර්ණයෙන්ම වෙනස් කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා පිටියට ප්‍රවිශ්ඨ වුනා.

කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

දිනේෂ් චන්දිමාල් සහ ළහිරු උදාර කලම්බො කිංග්ස් ඉනිම ආරම්භ කළේය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 3කට සීමා වූයේ උදාර එක් ලකුණකට පිටියෙන් ඉවත් වීමත් සමගිනි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 14කට දැවී ගියේය.

පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමා පසුකිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් ලකුණු 70ක් රැස් කළේය.

ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් ලබා ගත් අතර නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් ලබා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බො කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් රැස් කළේය.

ධනංජය ලක්ෂාන් නොදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 31කි.

තරගයේ වීරයා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේදී අද රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාත්‍රී 7ට ආරම්භ වනවා.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here