කොවිඩ් වයිරසය ආසාදනය වූවන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂාවක දී එයින් 5%ක් ආසාදිතයන් වී තිබු බවත් ඒ අනුව කොළඹ නගරයේ වෙසෙන ලක්ෂ 6ක ජනතාවගෙන් 5%ක් ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජේමුණි මහතා ලංකාදීප කළ විමසීමක දී පැවැසීය.
ආසාදිතයන් අතරින් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් වනබවත් කී ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ ආසාදිතයන් අතරින් 5%ක් පමණක් බවත් සඳහන් කළේය.
මෙකී රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බව පෙන්වා දුන් විජේමුණි මහතා මේ තත්ත්වය යටතේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවසෙන ජනතාව විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට හමුවන රෝගීන් පිළිබඳ පවතින තත්ත්වය සාගරයේ පවතින අයිස් කන්දක මුදුනත වැනි යැයි ද එහි පෙනෙන ප්‍රමාණය මෙන් අති විශාල ප්‍රමාණයක් නොපෙනෙන බව අමතක කළ යුතු නැතැයි ද වෛද්‍ය විජේමුණි සඳහන් කළේය.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
