කොවිඩ් ආසාදනය වූ රැඳවියන් 05 දෙනෙකු පළා යයි

0
79
covid

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, පළා ගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

මිගමුව බන්ධනාගාරයේ  සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙම රැඳවියන් ප්‍රතිකාර සඳහා ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කොට තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයවළුන් බවත් පළා ගිය මෙම පිරිස සොයා පොලිසිය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here