
Sri Lanka News Today : කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ.
භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ දැනට කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය කළ යුතු බවයි.
‘එක රටක් එක නීතියක්’ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද ඔවුහු කියා සිටිති.
මේ අතර කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතික මෘත දේහයන් භූමදානයට අවසර නොදෙන්නේ නම් එම දේහයන් බාර නොගන්නා බවද ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි මහතා පවසයි.
මුස්ලිම් ජනතාන දැනටමත් එම තීරණය ගෙන ඇති බවත් මව පියා මිය ගියද භූමදානයට ඉඩ නොදේ නම් දේහයන් බාර නොගන්නා බවද ඔහු සඳහන් කළේය.
‘වලලන්න දෙන්නේ නැත්නම් තියාගෙන කන්න’ දැනුම් දී ඇතැයිද ඔහු පැවසීය.
ලොව පුරා රටවල් 195 භූමදානය කරද්දි ශ්‍රී ලංකාව පමණක් ආදාහනය කරන්නේ කුමන පදනමෙන් දැයි ඔහු ප්‍රශ්න කරයි.
මෙය දේශපාලන වශයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් යයිද ඔහු චෝදනා කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.