කොරෝනා මර්දන ෆයිසාර් එන්නත මුලින්ම 90 හැවිරිදි කාන්තාවකට

0
98
covid19-first-vaccine

 කොරෝනා මර්දන ෆයිසාර් එන්නත ඊයේ (08 වැනිදා) මුල්වරට ලබාදෙන ලද්දේ බි‍්‍රතාන්‍යයේ 90 හැවිරිදි මාග‍්‍රට් කීනන් මහ්තමියට ය. ඇය ලබන සතියේ 91 වැනි වියට පාතබයි.
 
 බි‍්‍රතාන්‍ය පුරා රෝහල් 50 කදී මෙම එන්නත ලබාදීම සිදු වේ.
 
 ඉදිරි නව වසර සැමරීමට තමන්ට පවුලේ උදවිය හා හිතවතුන් සමග සතුටින් එක්විය හැකි බව මාග‍්‍රට් මහත්මිය මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ප‍්‍රකාශ කර තිබේ.
 
 මෙහි දෙවැනි එන්නත ලබා දුන්නේ 81 හැවිරිදි විලියම් ශේක්ස්පියර් නම් පුද්ගලයකුට ය. බි‍්‍රතාන්‍ය මේ වනවිට මේ එන්නතේ මාත‍්‍රා ලක්ෂ අටක් මිලදී ගෙන ඇත.
 
 තවත් මාත‍්‍රා ලක්ෂ 40 ක් බි‍්‍රතාන්‍ය විසින් ඇණවුම් කර ඇත.
 
 බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා බි‍්‍රතාන්‍ය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ප‍්‍රකාශ කර සිටියේ මාග‍්‍රට් මහත්මියට එන්නත ලබාදෙනු දුටු තමාගේ ඇස්වලට කඳුළු ආ බවයි.
 
 කෙසේ නුමත් සඳුදා දිනයේත් බි‍්‍රතාන්‍යයෙන් කොරෝනා මරණ 189 ක් හා රෝගීන් 14178 දෙනකු වාර්තා විය.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here