තරු කඩා හැලෙන අහසක
අගිස්සක හරි එල්ලිලා ඉන්නෙක
ඉසියුම්ම ආඩම්බර සිතක්
ගෙනැත් පළඳයි තරුවකට
අහසකට නඩු කියන
රොත්තක් බුරුත්තක් මැද
චක්රාවාටයක් නැතත් තනි අයිතියට
තිතක හිමි වත්කම අගෙයි තරුවකට
ගුවන් ගැබ සිසාරා
අතොරක් තරු පොකුරු’තර
කාටවත් හිමි නොවුන
තරු රැඳෙයි තනිවම
ඉරට තනි රකින්නට
පාළු අහසට එන
කොන්දේසි විරහිත පෙමක්
උතුරු තරුවක ඉතුරුව ඇත
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.